කොස්සකින් ගහලා පුද්ගලයෙක් මරලා

කොස්සකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසනවා.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ කඩවත, ඉහළ බියන්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක් .

පහරදීම සිදුකළ සැකකාරියද 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ කාන්තාවකගේ නිවසට පැමිණ ඇය සමබග ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එම අවස්ථාවේ කාන්තාව විසින් මොහුට කොස්සකින් පහර දී තල්ලුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ රෝගී වූ එම පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පහරදීම සිදුකළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?