AFC Banner
Empty Ad
Empty Ad

කොස්ගොඩ සුජි, පොඩි ලැසී, කන්ජිපානි ඉම්රාන් ගැන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කී දේ

කොස්ගොඩ සුජි, පොඩි ලැසී, කන්ජිපානි ඉම්රාන් වැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් ඉතාම නිවැරදිව විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් ඔවුන් ඉතා ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින බවත් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

මිට පෙර ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකර ඇත්තේ ව්‍යාපාරිකයන් ලෙස බව පැවසූ ඒ මහතා පෙන්වාදුන්නේ මේ වනවිට නිවැරදි විධිවිධාන යටතේ එම සැකකරුවන්ව රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බවය.

 අද (05) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතිමින් ඒ මහතා ඒ බව පැවසීය.

එමෙන්ම විදේශගතව සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන්ද විශේෂ බුද්ධි මෙහෙයුමක් මේ වන විටත් සිදුවෙමින් පවතින බවත් ඉතා කෙටි කාලයකින් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ එම පුද්ගලයන්ව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?