අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ අද (06) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
යතුරූපැදියකික් පැමිණි දෙදෙනෙක් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කළ තිදෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
තුවාලකරුවන් වයස අවුරුදු 12, 30 සහ 44 යන වයස්වල පසසුවන්නන් වන අතර ඔවුන් ඇතුලත් කර ඇත්තේ අවිස්සාවේල්ල රෝහලටයි.
තුවාලකරුවන් මව, දියණිය සහ තවත් පිරිමි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.












