කොස්ගම – අළුබෝදල ප්‍රදේශයේ ගෙවල්වලට නිතර නිතර අබිරහස් ගල් ප්‍රහාර – ගම්මුන් බියෙන් (වීඩියෝ)

කොස්ගම, අළුබෝදල, නිසල උයන ප්‍රදේශයේ නිවෙස්වලට කලක සිට අබිරහස් ලෙස ගල් ප්‍රහාර එල්ලවන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පවසන්නේ මාස තුනක පමණ කාලයක සිට නිවෙස්වලට නිරන්තරයෙන් මෙම ගල් ප්‍රහාර එල්ලවන බවයි.

ආරම්භයේ දී රාත්‍රී කාලයේ පමණක් සිදුවූ මෙම සිද්ධිය මේ වන විට දහවල් කාලයේදීත් සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් නිවාස රැසක වහලවලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, නිවෙස් තුළට වී ජීවත්වීමට පවා මිනිසින් බියසි ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව කොස්ගම පොලිය දැනුවත් කිරීමෙන් පසු එහි නිලධාරීන් විටින් විට මෙහි පැමිණ විමර්ශන සිදුකළ ද නමුත් කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට හැකි වී නැහැ.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් එම ප්‍රදේශය හැරදමා යාමට පවා පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
2
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?