කෝවිලෙන් බෙදූ කෑම කාලා 120 රෝහලේ

නල්ලතන්නිය පොලිස් වසමේ ලක්ෂපාන වාලමලෙයි හින්දු කෝවිලේ පැවති වාර්ෂික උත්සවයකින් අනතුරුව ලබාදුන් ආහාර අනුභව කළ පුද්ගලයින් පිරිසක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ මොවුන් පිරිස මෙලෙස රෝහල් ගතකර ඇති අතර, කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 120ක් පමණ මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ක්ලාන්තය, වමනය, උදරයේ අබාධ සහ පාචනය යන රෝග ලක්ෂණ ඇතිව එම පිරිස රෝහල් ගතව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

රෝගි වූ වැඩි පිරිසක් කාන්තාවන් බවත්, දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගේ තත්ත්වය බරපතල නොවන බව ද වාර්තා වනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ කිසිදු අවසරයක් හෝ අධීක්ෂණයකින් තොරව බෝංචි, වට්ටක්කා, බටු සහ පතෝල යන ව්‍යාංජන සහිත බත් පාර්සල් 2000ක් සකස්කර වතු කම්කරුවන්ට බෙදා දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ඊයේ (07) දින රාත්‍රියේ ම එම වතුයායට ගොස් වතු කම්කරුවන්ට ලබාදුන් ආහාර පාර්සල්වල සාම්පල ලබාගත් බවත්, එම ආහාර සාම්පල රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකරන බවයි බවයි මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26