කෝවිලෙන් බෙදූ කෑම කාලා 120 රෝහලේ

නල්ලතන්නිය පොලිස් වසමේ ලක්ෂපාන වාලමලෙයි හින්දු කෝවිලේ පැවති වාර්ෂික උත්සවයකින් අනතුරුව ලබාදුන් ආහාර අනුභව කළ පුද්ගලයින් පිරිසක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ මොවුන් පිරිස මෙලෙස රෝහල් ගතකර ඇති අතර, කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 120ක් පමණ මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ක්ලාන්තය, වමනය, උදරයේ අබාධ සහ පාචනය යන රෝග ලක්ෂණ ඇතිව එම පිරිස රෝහල් ගතව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

රෝගි වූ වැඩි පිරිසක් කාන්තාවන් බවත්, දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගේ තත්ත්වය බරපතල නොවන බව ද වාර්තා වනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ කිසිදු අවසරයක් හෝ අධීක්ෂණයකින් තොරව බෝංචි, වට්ටක්කා, බටු සහ පතෝල යන ව්‍යාංජන සහිත බත් පාර්සල් 2000ක් සකස්කර වතු කම්කරුවන්ට බෙදා දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ඊයේ (07) දින රාත්‍රියේ ම එම වතුයායට ගොස් වතු කම්කරුවන්ට ලබාදුන් ආහාර පාර්සල්වල සාම්පල ලබාගත් බවත්, එම ආහාර සාම්පල රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකරන බවයි බවයි මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19