කොවිඩ් සමාජගතවෙලා කියලා පිළිගන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑ -විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන්

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසය සමාජගත වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පෙන්වාදෙයි.

කොවිඩ් දෙවැනි රැල්ලේ දී ආසාදිතයින් හමුවීම, මියයන කොවිඩ් ආසාදිතයින් පිළිබඳ අවධානය යොමුකිරීමේ දී සමාජයේ කොපමණ ස්ථර ප්‍රමාණයකට මෙය පැතිර ගොස් ඇත්දැයි යන කාරණය සමාලෝචනය කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.

කොවිඩ් සමාජගත වීම හේතුවෙන් දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් ඇතැයි ද වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පැවසීය.

“පළමු කාරණය තමයි අපි පිළිගන්න ඕනේ ශ්‍රී ලංකාවේ කොවිඩ් සමාජගත වෙලා කියලා. සමාජගත වෙනවා කියන්නේ, ඕන තරම් රෝගීන් හමුවෙනවා සමාජයෙන් ඒ රෝගය කොතනින්ද ඇති වුණේ කියලා හොයා ගන්න බැරි. ඒ කියන්නේ කොවිඩ් ශ්‍රී ලංකාව තුළ සමාජගතවෙලා අවසන්. ඒ යථාර්ථයට අපි මුහුණදෙන්න ඕනේ. ඒ ගැන කියන්න අපි බය වෙන්න දෙයක් නෑ. එය ලැජ්ජා වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි. අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව වැනි අපටත් වඩා දියුණු රටවල පවා කොවිඩ් සමාජගතවෙලා තියෙනවා. වෛරසයේ තියෙන විදිය අනුව අපිට වඩා දියුණු රටවලටත් එය පාලනය කර ගැනීම අපහසුවෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් එය සමාජගතවෙලා කියන දේ පිළිගන්න ලැජ්ජා වියයුතු නෑ.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?