කොවිඩ් සමාජගතවෙලා කියලා පිළිගන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑ -විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන්

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසය සමාජගත වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පෙන්වාදෙයි.

කොවිඩ් දෙවැනි රැල්ලේ දී ආසාදිතයින් හමුවීම, මියයන කොවිඩ් ආසාදිතයින් පිළිබඳ අවධානය යොමුකිරීමේ දී සමාජයේ කොපමණ ස්ථර ප්‍රමාණයකට මෙය පැතිර ගොස් ඇත්දැයි යන කාරණය සමාලෝචනය කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.

කොවිඩ් සමාජගත වීම හේතුවෙන් දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් ඇතැයි ද වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පැවසීය.

“පළමු කාරණය තමයි අපි පිළිගන්න ඕනේ ශ්‍රී ලංකාවේ කොවිඩ් සමාජගත වෙලා කියලා. සමාජගත වෙනවා කියන්නේ, ඕන තරම් රෝගීන් හමුවෙනවා සමාජයෙන් ඒ රෝගය කොතනින්ද ඇති වුණේ කියලා හොයා ගන්න බැරි. ඒ කියන්නේ කොවිඩ් ශ්‍රී ලංකාව තුළ සමාජගතවෙලා අවසන්. ඒ යථාර්ථයට අපි මුහුණදෙන්න ඕනේ. ඒ ගැන කියන්න අපි බය වෙන්න දෙයක් නෑ. එය ලැජ්ජා වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි. අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව වැනි අපටත් වඩා දියුණු රටවල පවා කොවිඩ් සමාජගතවෙලා තියෙනවා. වෛරසයේ තියෙන විදිය අනුව අපිට වඩා දියුණු රටවලටත් එය පාලනය කර ගැනීම අපහසුවෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් එය සමාජගතවෙලා කියන දේ පිළිගන්න ලැජ්ජා වියයුතු නෑ.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42