කොවිඩ් මාරයා නිසා හුදකලා වුණු ග්‍රාමසේවා වසම් 14 මෙන්න

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදෙකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ පොලිස් වසමේ සිරිකෙත, ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල පොලිස් වසමේ පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

මේ අනුව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යනවා.


ඊයේ දිනයේදී ද ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකලා කෙරුණු අතර කොරෝනා ආසාදනය නිසා දින 3ක කාලයක් සදහා වසා දමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද හුදෙකලා කරනු ලැබුවා.

මීට අමතරව කුලියාපිටිය පොලිස් වසම ද තවදුරටත් හුදෙකලාවේ පවතිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුලගොඩ සහ කටුදම්පේ යන ග්‍රාම නිලධාරී වසම් දෙක ද හුදෙකලා කෙරුණේ පවතින කොරෝනා වෛරසය සැලකිල්ලට ගනිමින්. අදාළ ග්‍රාම නිලධාරී වසම් දෙක ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමටයි පියවර ගත්තේ.

එමෙන්ම, කොරෝනා රෝගීන් වාර්තා වීම හමුවේ ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ග්‍රාම නිළධාරී වසම් 8ක් ද ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කෙරුණා.

ඒ, ගම්පහ – කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත – නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම වශයෙන්.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න, පොලිස් බල ප්‍රදේශයට අයත් මිරිස්වත්ත, පැලවත්ත – උතුර, පැලවත්ත – නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම ත්‍රිකුණාමල පොලිස් වසමේ පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසම ද ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමටයි තීරණය කෙරුණේ.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දිවයිනේ සෙසු පාසල්වල අධ්‍යයනය කටයුතු සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සදහන් කළේ.

මේ වන විට බස්නාහිර සහ වයඹ පළාත්වල සියළුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙන්ම කතෝලික සහ ඇග්ලිකන් සභාවට අයත් පාසල් ද අප්‍රේල් 30 වන දා දක්වා වසා දමා තිබෙනවා.

එමෙන්ම, මොණරාගල දිස්ත්‍රික්කයේ අවදානමට ලක්වූ ප්‍රදේශවල පාසල් 15ක් ද අප්‍රේල් 30 වන දා දක්වා වසා දැමීමට ඊයේ තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල් පෙර පරිදිම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

එමෙන්ම පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කණ්ඩායම් රැස්වී ඒ පිළිබදව තවදුරටත් තීන්දු තීරණ ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09