AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් මර්දන 04 වන මාත්‍රාවක්ද අවශ්‍ය විය හැකියි

විවිධ කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන 04 වන එන්නත් මාත්‍රාවක්ද අවශ්‍ය විය හැකි බව ෆයිසර් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිළධාරී සඳහන් කර ඇත්තේ ඇතැම් ප්‍රභේදවල සම්ප්‍රේෂණ වේගය හා ප්‍රබලත්වය හමුවේ 03 වන මාත්‍රාවක ආරක්ෂාවද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

එමෙන්ම එහි ප්‍රතිශක්තීකරණය දීර්ඝ කාලයක් නොපවතිනු ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදය ඉලක්ක කරගත් නව එන්නත නිපදවීම සාර්ථක අවධියක පවතින බවයි ෆයිසර් ආයතනය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?