කොවිඩ් මර්දන එන්නතක් ලබා ගැනීමෙන් පසුව මේ දේ කරන්න එපා

කොවිඩ් මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා.

කොවිඩ් වෛරසයට සමාන රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් ද සුවය ලබන තෙක් රුධිර පාරවිලයන මධ්‍යස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසයි එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ.

රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසු පුද්ගලයින් කළින් වේලාවක් වෙන්කර ළළඟම පිහිටි සිය මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසට ද මෙහිදී වෛද්‍යවරයා විසින් ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?