කොවිඩ් මරණ 13,000ට ආසන්න වෙයි

කොවිඩ් මරණ 59ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (29) දින තහවුරු කර ඇත.

මෙම මරණ 59ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,965ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම කොවිඩ් මරණ 59න් 31 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 28දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 47 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 734ක් ද අද (30) හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 517,199කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?