AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ

කොවිඩ් ආසාදිත මරණ 54ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

අද වාර්තා වූ මරණ 54න් 22 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 32 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කටාන, උඩුවෙල, මාවනැල්ල, අරණායක, මාළිගාවත්ත, එරාවූර්  02, මොරටුව, අළුබෝමුල්ල, වාද්දූව, වළස්මුල්ල, කොළවැනිගම, කොළඹ -15, ජාඇල, වත්තල, බත්ගම්මුල්ල, තලාතුඔය, බදුල්ල, කිලිනොච්චිය, නිකවැරටිය, මරදන්කඩවල, මැදවච්චිය, අතුරුගිරිය, ඇල්පිටිය, කරන්දෙණිය, පෙරියනීලාවනයි, අකුරණ, උඩිස්පත්තුව, ලුණුවත්ත, තෝරපිටිය, මහියංගනය, රාගම, කොළඹ-13, අවිස්සාවේල්ල, වතුපිටිවල, පන්නිපිටිය, වග සහ මාරවිල යන ප්‍රදේශවලින් කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?