කොවිඩ් අස්සේ ජයටම සැමරූ මඟුලකට සිද්ධ වෙච්ච දේ

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන සේවා, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් තර ඇත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින්.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවු සංචරණ සීමා අද දිනයෙත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවල නිරත වූවන්ට පමණක් නිවෙස්වලින් බැහැර වීමට අවසර හිමිවනවා.

කොවිඩ් තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේ අඛන්ඩ සේවාවක් අවශ්‍ය බැවින් තවත් සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් වරාය අධිකාරිය,ඉන්ධන සැපයුම සහ බෙදා හැරීම, රේගු කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, අත්‍යාවශ්‍ය සේවා යටතට පත් කර තිබෙනවා.

සියලු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරින් මෙන්ම මහබැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ කටයතු ද ඊට අයත්.

මේ අතර, ගතවූ දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 587 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

මේ අතර පොලිසිය මගින් ඊයේ උදෑසන 7 සිට 9දක්වා කාලය තුල කොළඹ නගරයට ඇතුල්වන රථවාහන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එලෙස පරීක්ෂාවට ලක් කෙරුණු රථවාහන සංඛ්‍යාව 735ක්.

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඒ සඳහා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ද යොදා ගැණුනා.

මේ අතර අද උදෑසන 6 සිට 9 දක්වා කාලයෙදිත් කොළඹ නගරයට පැමිණෙන රථවාහන පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඇතැම් ස්ථානවලදී රථවාහන හිමියන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා…

මේ අතර නිරෝධායන නීති උල්ලංගනය කරමින් වෙන්නප්පුව වයිකාල ප්‍රදේශයේ 20 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි කරවගෙන සිදු කළ විවාහ මංගල්‍ය උත්සවයක් වෙන්නප්පුව පොලිසිය සහ මහජන සෞඛය පරීක්ෂවරුන් විසින් අත්හිටුවිමට කටයුතු කළා.

මිට සහභාගිවු පිරිස් ජා ඇල ප්‍රදේශයේ සිට සංචරන සීමා උල්ලංඝනය කරමින් වෙන්නප්පුවට පැමිණ ඇති අතර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත අතර, බවත් සියලුදෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් පිලිබඳව සොයා බැලිම සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යුද හමුදා කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දිනුක පුතා කෝටි 200ක අයිස් සමඟ දික්ඕවිට වරායට..මේ තොගය රටට ආවානම් රටම ඉවරයිනේ
10:41
Video thumbnail
ජයතිස්ස ඉවත් කරලා අරගලේ පටන් ගන්නේ.."කොන්දොස්තරයෙක්ටවත් සුදුසු නැති ඇමතියෙක් මේ"
13:27
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට රතු එළි දල්වලා ත්‍රීවීල් එකෙන් යන්න යයි"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්.."
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16


?