කොවිඩ් අස්සේ ජයටම සැමරූ මඟුලකට සිද්ධ වෙච්ච දේ

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන සේවා, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් තර ඇත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින්.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවු සංචරණ සීමා අද දිනයෙත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවල නිරත වූවන්ට පමණක් නිවෙස්වලින් බැහැර වීමට අවසර හිමිවනවා.

කොවිඩ් තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේ අඛන්ඩ සේවාවක් අවශ්‍ය බැවින් තවත් සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් වරාය අධිකාරිය,ඉන්ධන සැපයුම සහ බෙදා හැරීම, රේගු කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, අත්‍යාවශ්‍ය සේවා යටතට පත් කර තිබෙනවා.

සියලු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරින් මෙන්ම මහබැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ කටයතු ද ඊට අයත්.

මේ අතර, ගතවූ දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 587 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

මේ අතර පොලිසිය මගින් ඊයේ උදෑසන 7 සිට 9දක්වා කාලය තුල කොළඹ නගරයට ඇතුල්වන රථවාහන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එලෙස පරීක්ෂාවට ලක් කෙරුණු රථවාහන සංඛ්‍යාව 735ක්.

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඒ සඳහා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ද යොදා ගැණුනා.

මේ අතර අද උදෑසන 6 සිට 9 දක්වා කාලයෙදිත් කොළඹ නගරයට පැමිණෙන රථවාහන පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඇතැම් ස්ථානවලදී රථවාහන හිමියන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා…

මේ අතර නිරෝධායන නීති උල්ලංගනය කරමින් වෙන්නප්පුව වයිකාල ප්‍රදේශයේ 20 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි කරවගෙන සිදු කළ විවාහ මංගල්‍ය උත්සවයක් වෙන්නප්පුව පොලිසිය සහ මහජන සෞඛය පරීක්ෂවරුන් විසින් අත්හිටුවිමට කටයුතු කළා.

මිට සහභාගිවු පිරිස් ජා ඇල ප්‍රදේශයේ සිට සංචරන සීමා උල්ලංඝනය කරමින් වෙන්නප්පුවට පැමිණ ඇති අතර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත අතර, බවත් සියලුදෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් පිලිබඳව සොයා බැලිම සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යුද හමුදා කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04