කොල්ලුපිටියේ ළැඟුම්හලේ දී රෝගාතුරව රෝහල්ගත කළ ජ‍ර්මානු කතත් මරුට

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ළැඟුම්හලක කාමරයක් ගෙන නතර වී සිටි විදෙස් ජාතිකයින් තිදෙනාගෙන් එක් කාන්තාවක් ඊයේ (02) ජීවිතක්ෂයට පත් වූ අතර දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි සෙසු විදේශික කාන්තාව ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඇය අද (03) රාත්‍රියේ දී මියගොස් ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ජර්මන් ජාතික කාන්තාවක්.

ඊයේ දිනයේ දී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ද හදිසියේ රෝගාතුරුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගියා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ ළැඟුම්හලක විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණේ ඊයේ දින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුවයි.

එම වාර්තාව සැලකිල්ලට ගනිමින් ඊට අදාළ ඉදිරි පරීක්ෂණ සිදුකර රැඳී සිටීමේ යෝග්‍යතාව වාර්තා කිරීමක් සිදු කරන තෙක් අදාළ නවාතැන්පළ තාවකාලිකව වසා දමන ලෙසත් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (03) නියෝග කළා.

පසුගියදා අදාළ නවාතැන්පොළෙහි රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සහ ජර්මන් ජාතික යුවළකට හදිසියේ ඇති වූ වමනය යෑමේ තත්ත්වයක් මත රෝහල්ගත කළ අතර එහිදී 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්වුණා.

එම සිද්ධියට ආහාර විෂ වීමක් හේතු වූවා ද නැතහොත් ඝාතනයක් ද යන්න ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා තවත් ප්‍රකාශයන් සටහන් කිරීමට ද නියමිතව තිබෙන බව පෙලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සඳහා මරණකාරියගේ ඥාතීන් ගෙන්වා මෘත ශරීරය හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට ද නියමිත ව තිබෙනවා.

මෙවන් පසුබිමක දියි රෝහල්ගත කර සිටි ජර්මානු කාන්තාව ද මරණයට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

එම ළැඟුම්හලේ සෙසු විදේශිකයින් හට ද ඉන් පිටව යන ලෙසට ඊයේ දිනයේ දී ම පොලිසියෙන් දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?