කොල්ලුපිටියේ දී පොලිසිය හා තරුණයින් කිහිපදෙනෙකු අතර ඇති වූ සිදුවීම ගැන පරීක්ෂණයක්

කොල්ලුපිටියේ දී ඊයේ (24) පස්වරුවේ පොලිස් නිලධාරීන් හා තරුණයින් කිහිප දෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් පිළිබඳ ව වීඩියෝ පට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කොල්ලුපිටියේ දී රථ වාහන සෝදිසි මෙහෙයුමේ නිරත පොලිස් නිලධා‍රින් කිහිප දෙනෙකු විසින් ඒ අසලින් ගමන් ගත් වෑන් රථයක් ඊයේ පස්වරුවේ සෝදිසි කිරීමට ලක්කර තිබෙනවා.

එහිදී වාහනය පරික්ෂා කරන අතරේ එහි තිබී මත්ද්‍රව්‍ය හා ඊට සමාන යමක් සොයාගත් බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් වාහනයේ ගමන් ගත් පිරිස චෝදනා කළේ පොලිස් නිලධාරින් විසින් වාහනය පරික්ෂා කරන අතරේ ඊට මෙම මත්ද්‍රව්‍ය දමා ඇති බවයි.

ඒත් සමග දෙපාර්ශ්වය සමග ඇති වූ මතභේදාත්මක තත්ත්වය දැක්වෙන දර්ශන පෙළක් අන්තර්ජාලයේ මේ වන විට සැරිසරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ වාහනයේ ගමන් කළ පිරිස් ඔවුන්ට එල්ල වූ චෝදනාවෙන් ගැලවීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් සිදු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිසිය පැවසුවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?