කොල්ලුපිටියේ දී පොලිසිය හා තරුණයින් කිහිපදෙනෙකු අතර ඇති වූ සිදුවීම ගැන පරීක්ෂණයක්

කොල්ලුපිටියේ දී ඊයේ (24) පස්වරුවේ පොලිස් නිලධාරීන් හා තරුණයින් කිහිප දෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් පිළිබඳ ව වීඩියෝ පට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කොල්ලුපිටියේ දී රථ වාහන සෝදිසි මෙහෙයුමේ නිරත පොලිස් නිලධා‍රින් කිහිප දෙනෙකු විසින් ඒ අසලින් ගමන් ගත් වෑන් රථයක් ඊයේ පස්වරුවේ සෝදිසි කිරීමට ලක්කර තිබෙනවා.

එහිදී වාහනය පරික්ෂා කරන අතරේ එහි තිබී මත්ද්‍රව්‍ය හා ඊට සමාන යමක් සොයාගත් බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් වාහනයේ ගමන් ගත් පිරිස චෝදනා කළේ පොලිස් නිලධාරින් විසින් වාහනය පරික්ෂා කරන අතරේ ඊට මෙම මත්ද්‍රව්‍ය දමා ඇති බවයි.

ඒත් සමග දෙපාර්ශ්වය සමග ඇති වූ මතභේදාත්මක තත්ත්වය දැක්වෙන දර්ශන පෙළක් අන්තර්ජාලයේ මේ වන විට සැරිසරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ වාහනයේ ගමන් කළ පිරිස් ඔවුන්ට එල්ල වූ චෝදනාවෙන් ගැලවීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් සිදු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිසිය පැවසුවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28