කොල්ලකා පලායමින් තිබූ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි (වීඩියෝ)

කොල්ලකා පලායමින් තිබූ මෝටර් රථයකට කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ මෙම මෝටර් රථය කොල්ලකා ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් පසු කොල්ලකරු මෝටර් රථය අතහැර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වාසල පාර, කොටහේන වීදිය ප්‍රදේශයේ දී තම ගැබිණි බිරිඳ සහ මව සමඟ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් මෝටර් රථය නවතා එහි එන්ජිම පණ ගන්වා තිබිය දී කොටහේන ප්‍රදේශයේ අවන්හලකට ආහාර මිල දී ගැනීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මෝටර් රථයට නැඟි පුද්ගලයෙක් මෝටර් රථය තුළ බිරිඳ සහ මව සිටියදීම රථය කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට තොරතුරක් ලැබී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීන් මෝටර් රථය ලුහුබැඳ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෝටර් රථය නතරකරන ලෙසට නිලධාරීන් සඥාකර ඇති අතර, එම පොලිස් අණ නොතකා කොල්ලකරු මෝටර් රථය ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් පිස්තෝල ගිනි අවියකින් මෝටර් රථයකට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලකර ඇති අතර, එහිදී බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථය නතරකර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් මෝටර් රථය අසලට පැමිණෙන අවස්ථාවේ දී කොල්ලකරු ඉන් බැස පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථය තුළ සිටි කාන්තාවන් දෙදෙනාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර, පලාගිය සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි සබ්රි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:33
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11