කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහමන් සිය සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව කොල්කටා කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.
බංග්ලාදේශය තුළ හින්දු භක්තිකයින්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහිව මේ වනවිට වර්ධනය වී ඇති ම්ලේච්ඡ ක්‍රියා හේතුවෙන් මුස්තාෆිසුර් රහමන් කොල්කටා කණ්ඩායමට එක්කර ගැනීමට පිළිබඳව ඉන්දියාව තුළ දැඩි විරෝධයක් මතුව ආවා.
ඒ අනුවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩස් හිමිකරුවන්ගෙන් අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ.
2026 අයි.පී.එල් තරගාවලියට අදාළව පසුගිය දෙසැම්බර් මස 16 වනදා පැවති වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 9.20ක මුදලකට මුස්තාෆිසුර් රහමන්ව කොල්කටා කණ්ඩායමෙන් මිල දී ගත්තා.




