කොල්කටා කණ්ඩායම මුස්තාෆිසුර්ව සංචිතයෙන් ඉවත්කරයි

කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහමන් සිය සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව කොල්කටා කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බංග්ලාදේශය තුළ හින්දු භක්තිකයින්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහිව මේ වනවිට වර්ධනය වී ඇති ම්ලේච්ඡ ක්‍රියා හේතුවෙන් මුස්තාෆිසුර් රහමන් කොල්කටා කණ්ඩායමට එක්කර ගැනීමට පිළිබඳව ඉන්දියාව තුළ දැඩි විරෝධයක් මතුව ආවා.

ඒ අනුවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩස් හිමිකරුවන්ගෙන් අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ.

2026 අයි.පී.එල් තරගාවලියට අදාළව පසුගිය දෙසැම්බර් මස 16 වනදා පැවති වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 9.20ක මුදලකට මුස්තාෆිසුර් රහමන්ව කොල්කටා කණ්ඩායමෙන් මිල දී ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44