AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා හැදී සුවවූ පසු පෙනහළු බද්දයක් එනවා.. කෝටි තුනයි..

කොරෝනා ආසාදනය වී සුවපත් වූ අයෙකුට අනාගතයේ දී පෙනහළු බද්ධයක් සිදු කිරීමට විය හැකි බව කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි හතරක් වැනි මුදලක් උවමනාව වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තමන් විසින් කොරෝනා රෝගය සුවපත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ඖෂධය භාවිතයට ඉඩ දුන්නේ නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විටත් වෛද්‍යවරුන් ඇතුළු 10000 ක පමණ ප්‍රමාණයක් තම ඖෂධය පාලනය කර දිවි බේරාගෙන ඇති බවත් ඔහු පැවසීය.

මෙම ඖෂධය පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට දැනුම් දුන්න ද ඇය ඒ ගැන කිසිවක් නොකළ බව ද ඔහු චෝදනා කරයි.

තම ඖෂධය පිළිනොගත්තද බාල ඖෂධ වර්ග පිටරටින් ගෙන විත් රෝගීන්ට ලබාදෙන බවත් ඇතැම් ඖෂධයක් රුපියල් තිස් දහසක් පමණ මිල වන බවත් ඔහු කියා සිටියි.

තමන් දැනට ද සේවය කරන්නේ කරාපිටිය රෝහලේ බවත් තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඔහු පවසයි.

තමා ඖෂධය සඳහා දැනටමත් සියලු අනුමැතිය ලැබී අවසන් බවද පවසන ඔහු මේ වන විට ද රෝගීන් එම ඖෂධය පානය කිරීමෙන් මරණයෙන් බේරෙන බවද ඒ මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?