කොරෝනා නොතකා යාපනේ කෝවිලක මහා උත්සවයක්.. මහ සෙනගක්

යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවත්වීම හේතුවෙන් කෝවිලේ පාලක සබාවේ සභාපති සහ ලේකම් ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ වාර්සික තේරු උත්සවය පසුගිය 25 වනදා පැවති අතර ඒ සඳහා සහභාගී වූ බොහෝ බැතිමතුන් පිරිසක් මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ භාවය තබා නොගෙන නිරෝධායන නීති උල්ලංගනය කරමින් දේව මෙහෙයන්ට පැවත්වීම හේතුවෙන් මෙලෙස කෝවිලේ සබාපතිවරයා සහ ලේකම් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දේව මෙහෙයන් වෙනුවෙන් බැතිමතුන් 50 කට පමණ සීමා කරන ලෙසට දැනුම් දී තිබුනද තේරු උත්සවය වෙනුවෙන් 500 කට අධික පිරිසක සහභාගී වීමත් මේ වන විට යාපනයේ දැඩි කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වගකීමකින් තොරව කෝවිල් උත්සවය සංවිධානය කොට ඇතැයි යාපනයේ සෞක්‍ය නිලධාරීන් චෝදනා කොට සිටිති.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් කෝවිලේ සභාපතිවරයා සහ ලේකම් වරයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10