AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා නිසා සල්ලි නෑ ගෙදර කන්න දෙයක් නෑ දෙදෙනෙක් දිවි නසා ගනී

කොරෝනා සමයේ ආර්ථිකය කඩා වැටීම නිසා සිත් තැවුලට පත් යාපනය පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පෙරේදා (07) ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන ඇති බව අනාවරණය වුණා.

උඩුතුරෙයි ගම්මානයේ පදිංවිව සිටි ශිවලිංගම් සිවදරන් නම් පුද්ගලයා ගෙවීමේ ක‍්‍රමයකට ලබා ගන්නා ලද ශීතකරණ පහසුකම් සහිත ලොරියට ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිව ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර කරවෙඞ්ඩි ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගෝපසිං මයුරදන් නැමැත්තා ඔහුගේ ව්‍යාපාරික කටයුතු බිඳ වැටීම නිසා සිත් තැවුලෙන් ගෙල වැලලාගෙන තිබෙනවා.

මියගිය දෙදෙනාගේ මෘතශරීර පී. සී. ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඥාතීන් වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?