කොරෝනා නිසා පාසැලක් වසා දමයි..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙලිය ස්තැස්පි වතු යායේ එකම පවුලේ පියා මව පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා පුතා අධයාපනය ලබන සාමිමලේ ගවරවිල දමිල මහ විද්‍යාලය (01) දින සිට තාවකාලිකව වසා දැමු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

මස්කෙලිය ගවරවිල දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවා එම පාසලේ අනෙකුත් පන්ති වල ළමුන් සහ ගුරුවරුන්ගේ ආශ්‍රිතයෙකු වු නිසා පාසල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.

මව නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් සේවය කරන බවත්, එම ඇගළුම් කර්මාන්ත ශාලාවේදි සේවක සේවිකාවන් 35 දෙනෙකුද ස්වයං නිරෝධානයට යොමු කල බවත් , කොවිඩ් 19 වෛරසය අසාදනය වු එකම පවුලේ තිදෙනාගේ නිවසට පසුගිය දිනක කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයෙකු නිවසට පැමිණ ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?