කොරෝනා කොපමණ කල් පවතීදැයි කියන්න බෑ.. එකම විසදුම ලන්සා කියයි

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දින දහයක කාලසීමාවකට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ යාන්ත්‍රණයක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය අංශය එක්ව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමනි.

මෙම කාල සීමාව තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බාධාවක් නොවන පරිදි පවත්වාගෙනයාම සදහා දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් අවශ්‍ය කටයතු සූදානම් කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා රජය අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඒ සදහා සෞඛ්‍ය මාර්ගපෝදේශ පිළිපදිමින් හා නිරෝධායන ඇදිරි නීතියට අනුව කටයුතු කරමින් ජනතාවද අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා.

ලෝකය පුරා පැතිර යන මෙම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ධනවත් හා බලවත් රටවල් පවා ආර්ථික අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. මෙම වසංගතය හේතුවෙන් අපේ රටට ද ආර්ථික අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. ආදායම් ඉපැයිමේ මාර්ග විශාල ප්‍රමාණයක් අහිමි වී හෝ සීමා වී තිබෙනවා. එවන් පසුබිමක වුවත් ආර්ථිකය කළමනාකරණය සිදු කරමින් කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කර තිබෙනවා.

මෙම කොවිඩ් වසංගතය කොපමණ කාලයක් තවදුරටත් පවතීදැයි නිශ්චිතව කියන්න බැහැ. මේ සඳහා ඇති එකම විසදුම එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බව සෞඛ්‍ය විශේෂඥයින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. ලංකාවේ ඒන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු කෙරෙනවා. අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අනෙකුත් සංවිධාන පෙන්වා දී තිබෙනවා. අපි මේ අවස්ථාවේ කළ යුත්තේ අදාළ එන්නත් ලබා ගනිමින් මෙම වැඩපිළිවෙලට සහය දැක්වීමයි. විශේෂයෙන් වයස අවුරුදු 60 ට වැඩි පිරිස් එන්නත්කරණය සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඒ සඳහා ඔවුන් සහභාගී විය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?