කොරෝනා කොපමණ කල් පවතීදැයි කියන්න බෑ.. එකම විසදුම ලන්සා කියයි

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දින දහයක කාලසීමාවකට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ යාන්ත්‍රණයක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය අංශය එක්ව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමනි.

මෙම කාල සීමාව තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බාධාවක් නොවන පරිදි පවත්වාගෙනයාම සදහා දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් අවශ්‍ය කටයතු සූදානම් කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා රජය අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඒ සදහා සෞඛ්‍ය මාර්ගපෝදේශ පිළිපදිමින් හා නිරෝධායන ඇදිරි නීතියට අනුව කටයුතු කරමින් ජනතාවද අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා.

ලෝකය පුරා පැතිර යන මෙම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ධනවත් හා බලවත් රටවල් පවා ආර්ථික අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. මෙම වසංගතය හේතුවෙන් අපේ රටට ද ආර්ථික අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. ආදායම් ඉපැයිමේ මාර්ග විශාල ප්‍රමාණයක් අහිමි වී හෝ සීමා වී තිබෙනවා. එවන් පසුබිමක වුවත් ආර්ථිකය කළමනාකරණය සිදු කරමින් කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කර තිබෙනවා.

මෙම කොවිඩ් වසංගතය කොපමණ කාලයක් තවදුරටත් පවතීදැයි නිශ්චිතව කියන්න බැහැ. මේ සඳහා ඇති එකම විසදුම එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බව සෞඛ්‍ය විශේෂඥයින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. ලංකාවේ ඒන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු කෙරෙනවා. අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අනෙකුත් සංවිධාන පෙන්වා දී තිබෙනවා. අපි මේ අවස්ථාවේ කළ යුත්තේ අදාළ එන්නත් ලබා ගනිමින් මෙම වැඩපිළිවෙලට සහය දැක්වීමයි. විශේෂයෙන් වයස අවුරුදු 60 ට වැඩි පිරිස් එන්නත්කරණය සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඒ සඳහා ඔවුන් සහභාගී විය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23