කොරෝනා එන්නත ගැන ජනතාව උනන්දු කරන්න ලොතරැයියක්

කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ඇතැම් පිරිස් තුළ ඇති අඩු උනන්දුව තුරන් කිරීම පිණිස අපූරු උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බලධාරීන් පියවර ගෙන තිබේ. මෙහි දී ඔවුන් බලාපොරොත්තු වන්නේ විශාල තෑගි මුදලක් පිරිනමන ලොතරැයියක් පැවැත්වීමටයි.

මෙම ලොතරැයියට සහභාගි විය හැක්කේ කොවිඩ් එන්නත ලබා ගත් පුද්ගලයන්ට පමණි. සතියකට එක් වරක් බැගින් සති පහක් අඛණ්ඩව දිනුම් ඇදීම් සිදුවනු ඇත. එක් දිනුම් ඇදීමක දී ජයග්‍රාහකයාට ඇමෙරිකානු ඩොලර් මිලියනයක තෑග්ගක් හිමි වේ. එය ලංකා රුපියල්වලින් කෝටි 20 කට ආසන්න මුදලකි. එම මුදල් පිරිනැමෙන්නේ රජය පිහිටුවා ඇති කොවිඩ් සහන අරමුදල මගිනි. පළමු දිනුම් ඇදීම මැයි 26 වැනි දින පැවැත්වෙනු ඇති බව සඳහන් වේ. මෙම ලොතරැයියට සහභාගි විය හැක්කේ වැඩිහිටි ජනතාවට පමණි. මෙයට අමතරව වයස අවුරුදු 12-17 අතර පුද්ගලයන්ට සහභාගි විය හැකි ලොතරැයියක් ද පැවැත්වීමට ඔහියෝ ප්‍රාන්තය සැලසුම් කර ඇත. නමුත් එහි ජයග්‍රාහකයන්ට තෑගි මුදල් පිරිනැමීමක් සිදු නොවේ. ඔවුන්ට පිරිනමනු ලබන්නේ රජයේ විශ්වවිද්‍යාලයක වසර 4 ක පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්වයකි.

ඇමෙරිකාව මේ වන විට එන්නත්කරණය අතින් ඉදිරියෙන්ම සිටින රටකි. ජනගහනයෙන් සියයට 58 කට පමණ එන්නත් ලබා දී ඇති බව වාර්තා වේ. ඇමරිකාවේ නිදහස් දිනය සමරන ජුලි 4 වැනි දින වන විට ජනගහනයෙන් සියයට 70 කට එන්නත ලබා දීම ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අපේක්‍ෂාවයි. කෙසේ වෙතත් එන්නත් ලබා ගැනීමට එන සංඛ්‍යාවෙහි යම් අඩු වීමක් පසුගිය සතිවල දක්නට ලැබිණි. එන්නත් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති සැක සංකා මෙයට හේතු වී ඇතැයි යන්න බලධාරීන් ගේ අදහසයි. එන්නත් ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීම සඳහා විවිධ ප්‍රාන්තවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. තෑගි මුදල් ලබා දීම, ක්‍රීඩා තරග නැරඹීමට ප්‍රවේශපත් ලබා දීම, විවිධ ආහාර පාන ආදිය නොමිලයේ ලබා දීම වැනි උපක්‍රම ඒ අතර වන බව සඳහන් ය.

සහන් වික්‍රමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?