කොරෝනා එන්නත ගැන ජනතාව උනන්දු කරන්න ලොතරැයියක්

කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ඇතැම් පිරිස් තුළ ඇති අඩු උනන්දුව තුරන් කිරීම පිණිස අපූරු උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බලධාරීන් පියවර ගෙන තිබේ. මෙහි දී ඔවුන් බලාපොරොත්තු වන්නේ විශාල තෑගි මුදලක් පිරිනමන ලොතරැයියක් පැවැත්වීමටයි.

මෙම ලොතරැයියට සහභාගි විය හැක්කේ කොවිඩ් එන්නත ලබා ගත් පුද්ගලයන්ට පමණි. සතියකට එක් වරක් බැගින් සති පහක් අඛණ්ඩව දිනුම් ඇදීම් සිදුවනු ඇත. එක් දිනුම් ඇදීමක දී ජයග්‍රාහකයාට ඇමෙරිකානු ඩොලර් මිලියනයක තෑග්ගක් හිමි වේ. එය ලංකා රුපියල්වලින් කෝටි 20 කට ආසන්න මුදලකි. එම මුදල් පිරිනැමෙන්නේ රජය පිහිටුවා ඇති කොවිඩ් සහන අරමුදල මගිනි. පළමු දිනුම් ඇදීම මැයි 26 වැනි දින පැවැත්වෙනු ඇති බව සඳහන් වේ. මෙම ලොතරැයියට සහභාගි විය හැක්කේ වැඩිහිටි ජනතාවට පමණි. මෙයට අමතරව වයස අවුරුදු 12-17 අතර පුද්ගලයන්ට සහභාගි විය හැකි ලොතරැයියක් ද පැවැත්වීමට ඔහියෝ ප්‍රාන්තය සැලසුම් කර ඇත. නමුත් එහි ජයග්‍රාහකයන්ට තෑගි මුදල් පිරිනැමීමක් සිදු නොවේ. ඔවුන්ට පිරිනමනු ලබන්නේ රජයේ විශ්වවිද්‍යාලයක වසර 4 ක පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්වයකි.

ඇමෙරිකාව මේ වන විට එන්නත්කරණය අතින් ඉදිරියෙන්ම සිටින රටකි. ජනගහනයෙන් සියයට 58 කට පමණ එන්නත් ලබා දී ඇති බව වාර්තා වේ. ඇමරිකාවේ නිදහස් දිනය සමරන ජුලි 4 වැනි දින වන විට ජනගහනයෙන් සියයට 70 කට එන්නත ලබා දීම ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අපේක්‍ෂාවයි. කෙසේ වෙතත් එන්නත් ලබා ගැනීමට එන සංඛ්‍යාවෙහි යම් අඩු වීමක් පසුගිය සතිවල දක්නට ලැබිණි. එන්නත් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති සැක සංකා මෙයට හේතු වී ඇතැයි යන්න බලධාරීන් ගේ අදහසයි. එන්නත් ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීම සඳහා විවිධ ප්‍රාන්තවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. තෑගි මුදල් ලබා දීම, ක්‍රීඩා තරග නැරඹීමට ප්‍රවේශපත් ලබා දීම, විවිධ ආහාර පාන ආදිය නොමිලයේ ලබා දීම වැනි උපක්‍රම ඒ අතර වන බව සඳහන් ය.

සහන් වික්‍රමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51