කොරෝනා ආසාදිතව සැඟව සිටි යුවළක් රෝහල්ගත කෙරේ

කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පළා ගොස් සැඟව සිටි යුවළක් කොස්වත්ත පොලීසිය විසින් සොයාගෙන රෝහල්ගත කර තිබේ.

ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරක් මත කොස්වත්ත පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

එම පුද්ගලයා ජා – ඇල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු අයෙකු වන බවත් එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව ඔහු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්