කොරෝනාවලට කරාපිටියේදී පළමු දොස්තර බිලිවෙයි: නම වෛද්‍ය දන්තනාරායන

කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව වාර්තාවෙමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද (2) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ඔහු රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය.

රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර ‍දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබිණි.

ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකරන ලද්දේ එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවිනි.

මෙම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති.

මෙම වෛද්‍යවරයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ පියා ද වෛද්‍යවරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17

?