ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
අද (22) දහවල් මෙම සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹුණු කොන්දේසි වෙනස් කිරීමට අවශ්‍ය නම් බදු ආදායම් උපයා ගැනීමට විකල්ප ක්‍රමවේද සොයාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම්දී තිබෙනවා.
පසුගිය රජය සමඟ එකඟ වූ කොන්දේසි මත මෙම රජය සමඟ ද ඉදිරි කටයුතු කරගෙන යාමට සිදුවන බවයි මෙහිදී IMF නියෝජිතයින් අවධාරණය කර ඇත්තේ.
එබැවින් තුන්වැනි වාරිකය ද කඩිනමින් මෙරටට ලැබෙනු ඇති බවට එම නියෝජිතයින් විපක්ෂ නායකවරයා හමුවේ ප්‍රකාශ කළ බවයි එම සාකච්ඡාවට එක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.