කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයට වර්ෂාව හරස් වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා මේ වනවිට (23) වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

දිනය පුරාම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිත ව තිබූ දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය හෝ මෙතෙක් උරගා බැලීමටයි නොහැකිව ඇත්තේ.

තරගය අද පස්වරු 2.30ට දිවා – රාත්‍රී තරගයක් ලෙසට ආරම්භ වීමට නියමිතව තිබුණා.

මෙම තරගාවලිය එක්දින තරග 03කින් යුක්තයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව පැවති පළමු එක්දින තරගය ජය ගත්තා.

ඒ ඩක්වත් ලුවිස් න්‍යායයට අනුකූලව කඩුලු 05කින්.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම අතිශයින් ම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාවට කොදෙව් දේශයට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරගාවලියක පහස විඳ දරා ගැනීමට අවස්ථාව හිමිවීමයි.

කොදෙව්වන් කෙසේ හෝ අද තරගය ජයගත යුත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන එක්දින තරගාවලි ජය තවදුරටත් සීමා කර සම මට්ටමේ ජයක් බවට පත් කරගැනීම සඳහායි.

අද තරගයේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක මෙහෙයවන අතර ශායි හොප් කොදෙව්වන් මෙහෙයවනවා.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර එක්දින තරග 66ක් පවත්වා තිබෙනවා.

ඉන් වැඩි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇත්තේ තරග 33ක ම ජය තමන් සතු කරගනිමින්.

කොදෙව්වන් තරග 31ක් දිනා තිබෙනවා.

තවත් තරග 03ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙන බවයි ක්‍රිකට් වාර්තා පෙන්වාදෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරග 14ක් ජයගෙන ඇති අතර කොදෙව්වන් දිනා ඇත්තේ තරග 08ක් පමණක් වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?