කොදෙව් වේග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකා පළමු ඉනිම සුණු විසුණු වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 169ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 70ක් රැස්කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා.

ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ කොදෙව් වේග පන්දු බල ඇණිය සෙසු කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාවට පැමිණීමට ඉඩ ලබාදුන්නේ නැහැ. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් කඩුලු 05ක් බිඳ දමමින් ශ්‍රී ලංකා පළමු ඉනිම සුණු විසුණු කළ අතර කේමා රෝච් කඩුලු 03ක් බිද දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?