කොදෙව්වන්ට පමණක් 20-20 ශතක රැස්කරන ෆිල් සෝල්ට්

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරග ඉතිහාසය තුළ එක් කණ්ඩායමකට එරෙහිව ශතක තුනක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත පිතිකරු ෆිල් සෝල්ට්ට හැකියාව ලැබුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (09) පැවති තරගයේ දී ශතකයක් වාර්තා කිරීමත් සමඟ ෆිල් සෝල්ට් මෙම වාර්තාව තම නම ඉදිරියේ ලියාගත්තා.

ඊයේ තරගයේ දී ෆිල් සෝල්ට් පන්දු 54කට මුහුණ දී ලකුණු 103ක් නොදැවී රැස්කරගනිමින් එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් වුණා.

ඔහුගේ පළමු විස්සයි විස්ස ශතකය 2023 වසරේ දෙසැම්බර් 16 වනදා ශාන්ත ජෝර්ජ්හිදී කොදෙව් කණ්ඩායම එරෙහිව ලබාගත්තා.

එහිදී ෆිල් සෝල්ට් පන්දු 56කදී නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඔහුගේ දෙවන විස්සයි විස්ස ශතකය ද කොදෙව්වන්ට එරෙහිව රැස් කිරීම ද විශේෂත්වයක්.

2023 වසරේ දෙසැම්බර් 19 වනදා ටුරූබා හිදී පන්දු 57 කදී ලකුණු 119ක් රැස් කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

බ්‍රිජ්ටවුන් හිදී ඔහු තුන්වන ශතකය ඊයේ (09) කොදෙව්වන්ට රැස් කිරීමට සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව එංගලන්තය තරග පහකින් සමන්විත 20-20 තරගාවලිය ඊයේ ආරම්භ කළේ පළමු තරගයෙන් කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?