කොදෙව්වන්ට පමණක් 20-20 ශතක රැස්කරන ෆිල් සෝල්ට්

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරග ඉතිහාසය තුළ එක් කණ්ඩායමකට එරෙහිව ශතක තුනක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත පිතිකරු ෆිල් සෝල්ට්ට හැකියාව ලැබුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (09) පැවති තරගයේ දී ශතකයක් වාර්තා කිරීමත් සමඟ ෆිල් සෝල්ට් මෙම වාර්තාව තම නම ඉදිරියේ ලියාගත්තා.

ඊයේ තරගයේ දී ෆිල් සෝල්ට් පන්දු 54කට මුහුණ දී ලකුණු 103ක් නොදැවී රැස්කරගනිමින් එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් වුණා.

ඔහුගේ පළමු විස්සයි විස්ස ශතකය 2023 වසරේ දෙසැම්බර් 16 වනදා ශාන්ත ජෝර්ජ්හිදී කොදෙව් කණ්ඩායම එරෙහිව ලබාගත්තා.

එහිදී ෆිල් සෝල්ට් පන්දු 56කදී නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඔහුගේ දෙවන විස්සයි විස්ස ශතකය ද කොදෙව්වන්ට එරෙහිව රැස් කිරීම ද විශේෂත්වයක්.

2023 වසරේ දෙසැම්බර් 19 වනදා ටුරූබා හිදී පන්දු 57 කදී ලකුණු 119ක් රැස් කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

බ්‍රිජ්ටවුන් හිදී ඔහු තුන්වන ශතකය ඊයේ (09) කොදෙව්වන්ට රැස් කිරීමට සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව එංගලන්තය තරග පහකින් සමන්විත 20-20 තරගාවලිය ඊයේ ආරම්භ කළේ පළමු තරගයෙන් කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17