AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන එළිදකී

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සහ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එළඹෙන ඔක්තෝම්බර් මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.

තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඔක්තෝම්බර් 13 වනදා පැවැත්වීමට නියමිත අතර, දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග 15 සහ 17 යන දිනවල දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

දෙරට අතර එක්දින තරගාවලිය ඔක්තෝම්බර් 20 වනදා ආරම්භවන අතර, දෙවන සහා තුන්වන තරග ඔක්තෝම්බර් 23 සහ 26 යන දිනයන්වල දී පැවැත්වෙනවා.

විස්සයි විස්ස තරග තුනම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?