කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට (14) අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අනතුරින් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදීම සිදු කෙරෙන බවයි.
එම මුදල් මියගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාරදෙනු ඇති.
අනතුරින් මියගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත් වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර තිබෙනවා.















