Empty Ad
AFC Banner
Empty Ad

කොත්තු සහ රයිස් මිල 10% කින් අඩු කෙරේ (වීඩියෝ)

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරනවා.

අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙලෙස ආපනශාලාව කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ අනුව මෙම 10%ක මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවා.

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළ අතර, කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204.00කින් මිල අඩුකරනු ලැබුවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 83.00කින් සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 37.00කින් අඩුකිරීමටයි එම සමාගම තීරණය කළේ.

https://youtu.be/eUWyB8v8nCk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
4
+1
76
+1
3
+1
7
+1
12
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?