කොත්තු සහ රයිස් මිල 10% කින් අඩු කෙරේ (වීඩියෝ)

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරනවා.

අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙලෙස ආපනශාලාව කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ අනුව මෙම 10%ක මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවා.

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළ අතර, කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204.00කින් මිල අඩුකරනු ලැබුවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 83.00කින් සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 37.00කින් අඩුකිරීමටයි එම සමාගම තීරණය කළේ.

https://youtu.be/eUWyB8v8nCk
  1. MUGE BORU PANIYA. MU APITA PENNA UGE KUNU HOTAL SET EKATA GEMATA KATHA KARANWA. ITA PASSE UMA MILA ADU KARANWA. MU EHEMA KARANNE ANDUWA HO WENA AYTHANAYAK ITA WADA ADU KARANNA KALIN. DAN KOTHTHUWEN ADU WENNE RS.65-70 WTHARAYI. NAMUTH HARIYATA BALUWOTH ADU WENNA ONA RS. 100-150 ATHARA..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51