කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත අද (27) සිට යළි මහජන පරිහරණයට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග කර තිබෙනවා.
ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා තිබුණා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමග එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
+1
8
+1
+1
+1
+1