කොටහේනේ පාසල් සිසුවියගේ සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය ගැන ජුනි 23 වැනිදා දැනුම්දෙන්න – අධිකරණය

කොටහේන ප්‍රදේශයේ සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් ගුරුවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ජූනි මස 23 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) පොලිසියට නියෝග කළා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන එසේ නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර සුන්දරලිංගම් සංකරන් නමැති ගුරුවරයා ද අධිකරණයේ පෙනී සිටියා.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ උතුර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති විසින් මෙහෙයවනු ලබන බව දැනුම් දුන්නා.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන අතර එහි ප්‍රගතිය ඉදිරියේදී දැනුම් දෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?