කොටලීය පාලම ඇමති බන්දුලගේ නිරීක්ෂණයට

පසුගියදා බස් රථයක් ඔයට පෙරලීමෙන් සිදු වූ ජීවිත 11ක් අහිමි වූ මනම්පිටිය කොටලීය පාලම රුපියල් මිලියන 500ක වියදමින් පුළුල් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොටලීය පාලම මතින් අධික වේගයෙන් බස් රථයක් ගමන් කිරීමට යාමේදී එය ගගට වැටීමෙන් පසුගිය 9 වනදා මාරක රිය අනතුරක් සිදු වුණා.

ඒ සමග බොහෝ දෙනෙකුගේ අවධානය මෙම පාලම පිළිබද යොමු වූ අතර එම ස්ථානයේ සිදුව ඇති අනතුරුවලින් මේ වන විට ජීවිත 30 කට වැඩි සංඛ්‍යාවක් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද නිරීක්ෂණය කළා අතර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහන අවසන් වූ සැනින් රුපියල් මිලියන 500 ක වියදමින් කොටලීය පාලම පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

2019 වසරේදී සංවර්ධන කටයුතු ආරම්භ වූ මෙම පාලමේ ඉදිකිරීම් භාර වූ සමාගම 2021 වසරේදී පමණ ගිවිසුම අත්හිටුවා එහි ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මාරක බස් රථ අනතුර පිළිබඳව ද කරුණු සොයා බලමින් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා.

එමෙන්ම A11 මාර්ගයේ පටු පාලම් කඩිනමින් සංවර්ධනය කිරීමට ද අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, හබරණ – මඩකලපුව A11 මාර්ගයේ අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගත් බටුඔය පාලම ඇතුලු පටු පාලම් කිහිපයක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?