කොටලීය පාලම ඇමති බන්දුලගේ නිරීක්ෂණයට

පසුගියදා බස් රථයක් ඔයට පෙරලීමෙන් සිදු වූ ජීවිත 11ක් අහිමි වූ මනම්පිටිය කොටලීය පාලම රුපියල් මිලියන 500ක වියදමින් පුළුල් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොටලීය පාලම මතින් අධික වේගයෙන් බස් රථයක් ගමන් කිරීමට යාමේදී එය ගගට වැටීමෙන් පසුගිය 9 වනදා මාරක රිය අනතුරක් සිදු වුණා.

ඒ සමග බොහෝ දෙනෙකුගේ අවධානය මෙම පාලම පිළිබද යොමු වූ අතර එම ස්ථානයේ සිදුව ඇති අනතුරුවලින් මේ වන විට ජීවිත 30 කට වැඩි සංඛ්‍යාවක් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද නිරීක්ෂණය කළා අතර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහන අවසන් වූ සැනින් රුපියල් මිලියන 500 ක වියදමින් කොටලීය පාලම පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

2019 වසරේදී සංවර්ධන කටයුතු ආරම්භ වූ මෙම පාලමේ ඉදිකිරීම් භාර වූ සමාගම 2021 වසරේදී පමණ ගිවිසුම අත්හිටුවා එහි ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මාරක බස් රථ අනතුර පිළිබඳව ද කරුණු සොයා බලමින් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා.

එමෙන්ම A11 මාර්ගයේ පටු පාලම් කඩිනමින් සංවර්ධනය කිරීමට ද අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, හබරණ – මඩකලපුව A11 මාර්ගයේ අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගත් බටුඔය පාලම ඇතුලු පටු පාලම් කිහිපයක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14