හබරාදුව පොලිස් වසමේ කොග්ගල පාලම ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවෙක් අද (29) පස්වරුවේ දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇති බව හබරාදුව පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14ක සිසුවෙක්.
මෙම සිසුවා දෙමාපියන් හා ඥාතීන් සමඟ හැටන් ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මෙම පිරිස අද (29) පස්වරු 4.30ට පමණ කොක්ගල පාලම අසල මුහුදේ දිය නාමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේ දී පිරිස සමඟ සිටි මෙම සිසුවා එක්වරම දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
6
+1
+1
1















