කේරළ නායයෑමෙන් මියගිය ගණන 158 දක්වා ඉහළට – තවත් 180ක් අතුරුදන්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයානාද් දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක සිදු වූ නායයෑම්වලින් මියගිය ගණන මේ වනවිට 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම ඛේදවාචකය හේතුවෙන් අද (31) කේරළ ප්‍රාන්ත රජය එක්දින ශෝක දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ප්‍රාන්ත රජයේ හා ජාතික ධජ අඩකුඹු කොට තබන ලෙසයි රජය ජනතාවට දැනුම්දී ඇත්තේ.

අදාළ ව්‍යසනය සම්බන්ධයෙන් මධ්‍යම රජයේ අමාත්‍ය අමිත් ෂා අද දින ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම නායයෑම සම්බන්ධයෙන් කේරළයට පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ ජූලි 23 වැනි දා බවයි.

මෙම ස්වාභාවික ව්‍යසනයෙන් පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් 180 දෙනෙක් අතුරුදන් ව සිටිනවා.

කෙසේවෙතත් අමිත් ෂා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මධ්‍යම රජයෙන් විශේෂ සහන කණ්ඩායම් 09ක් මිනිසුන් ඉවත් කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දී පිටත් කර යවා ඇති අතර; කේරළ රජය නියමිත අයුරින් මිනිසුන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?