කේරළ නායයෑමෙන් මියගිය ගණන 158 දක්වා ඉහළට – තවත් 180ක් අතුරුදන්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයානාද් දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක සිදු වූ නායයෑම්වලින් මියගිය ගණන මේ වනවිට 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම ඛේදවාචකය හේතුවෙන් අද (31) කේරළ ප්‍රාන්ත රජය එක්දින ශෝක දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ප්‍රාන්ත රජයේ හා ජාතික ධජ අඩකුඹු කොට තබන ලෙසයි රජය ජනතාවට දැනුම්දී ඇත්තේ.

අදාළ ව්‍යසනය සම්බන්ධයෙන් මධ්‍යම රජයේ අමාත්‍ය අමිත් ෂා අද දින ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම නායයෑම සම්බන්ධයෙන් කේරළයට පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ ජූලි 23 වැනි දා බවයි.

මෙම ස්වාභාවික ව්‍යසනයෙන් පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් 180 දෙනෙක් අතුරුදන් ව සිටිනවා.

කෙසේවෙතත් අමිත් ෂා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මධ්‍යම රජයෙන් විශේෂ සහන කණ්ඩායම් 09ක් මිනිසුන් ඉවත් කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දී පිටත් කර යවා ඇති අතර; කේරළ රජය නියමිත අයුරින් මිනිසුන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48