AFC Banner
AFC Banner
Empty Ad

කේරළ ගංජා සමග දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3කටඅධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, පොලිසිය සමග එක්ව ඊයේ (25) දහවල් යාපනය, කයිට්ස් දූපතේ නරන්තනේ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

මෙම සෝදිසි මෙහෙයුමේදී, මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් දෙකක අසුරන ලද කේරළ ගංජා කිලෝ 03යි ග්‍රෑම් 592ක පමණ තොගයක් සොයා ගැනුණා.

අනතුරුවයි එම සැකකරුවන් දෙදෙනා සහ යතුරු පැදිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියනයකට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 27ක් හා 34 ක් වන මන්නාරම සහ කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් දෙදෙනා, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?