කේරළ ගංජා සමග දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3කටඅධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, පොලිසිය සමග එක්ව ඊයේ (25) දහවල් යාපනය, කයිට්ස් දූපතේ නරන්තනේ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

මෙම සෝදිසි මෙහෙයුමේදී, මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් දෙකක අසුරන ලද කේරළ ගංජා කිලෝ 03යි ග්‍රෑම් 592ක පමණ තොගයක් සොයා ගැනුණා.

අනතුරුවයි එම සැකකරුවන් දෙදෙනා සහ යතුරු පැදිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියනයකට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 27ක් හා 34 ක් වන මන්නාරම සහ කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් දෙදෙනා, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේපාල කවියකින්ම පටන්ගෙන ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව මැදපෙරදිග යුද්දය වවාගෙන කෑවා
02:57
Video thumbnail
විපක්ෂය නඩත්තු වෙන්න කරන චෝදනා තමයි..චෝදනවලට අපි කළබල වෙන්නේ නෑ
05:38
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57
Video thumbnail
මේ මනුස්සයා Highway Wrong Side යන හැටි..මෙහෙම මිනිස්සු නිසා තමයි අනතුරු වෙන්නේ..
00:55
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20