AFC Banner
AFC Banner
Empty Ad

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කලෙක පටන් ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (24) සිදු කර ඇත්තේ යාපනය විශේෂ කාර්‍යය බලකායේ කලාපය භාර නිලධාරීන් කණ්ඩායමක් හා ඉලුප්පුකාවායි කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉලුප්පුකඩවායි පොලිස් වසමේ මූනම්පිඩ්ඩි ප්‍රදේශයේ දී යි.

එහි දී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 03, ග්‍රෑම් 540 ක් සන්තකයේ තබාගෙන සිටි මූනම්පිට්ටි, පාලිආරු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?