කෙහෙළියගේ බැංකු ගිණුම් අත්හිටවූ නියෝගය ඉවත් කරනවාද නැද්ද? – තීරණය මාර්තු 17 වැනිදා

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම නඩුව අද (11) කැඳවූ අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගල සමයේ තම සේවාදායකයාගේ නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්ෂ නවසිය පනහක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධිකරණය මඟින් තහනමට ලක්කර තිබෙන තම සේවාදාහකයාගේ පාර්ලිමේන්තු බැංකු ගිණුමට බැර වී තිබෙන බවත් සඳහන් කළා.

එබැවින් අදාළ බැංකු ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?